අද හවසත් මේ පළාත් වලට වැස්ස

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, (විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත්) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකියි.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවේවි .

ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා .

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Leave A Reply

Your email address will not be published.