රාජ්‍ය බලය දුන්නොත් මුළු ලෝකයෙන්ම ලංකාව බබළවනවා – සජිත් ප්‍රේමදාස
නිදි මරාගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන පුද්ගලයෙක් ජනතාව තෝරා ගනීවි
ඉදිරියේ දී ජනතාව තමාට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම්, ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබළෙන රටක් බවට පත් කිරීමට තමා සුදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඊයේ රත්මලාන බඩෝවිට ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලක් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.
කුඩු විනාශ කර දැමීම අපේ අරමුණ බව ද පැවසු අමාත්‍යවරයා, තැබෑරුම් සංස්කෘතිය විනාශ කර දැමිය යුතු බව ද මෙහිදී ප්‍රකාශ කරා.
ඉදිරියේ දී පිදිය යුත්තන් පුදන්න කාලයක් ඉදිරියේ දී පැමිණෙන බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා, පුදන ආකාරය කුමක් ද යන්න ජනතාව තීරණය කළ යුතු බව ද පවසා සිටියා.
කවුරුන් තෝරා ගත්තත් කුමන අදහසක් දැරුවත් මේ වසර අවසානය වන විට නිදි මරාගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන පුද්ගලයෙක් ජනතාව තීරණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.
හොඳ කවුද නරක කවුද යන්න තරාදියක දමා මැන බැලිය හැකි බව ද පැවසු අමාත්‍යවරයා, එසේ බලන වෙලාවක පැත්තකින් ඉන්න මාවත් තරාදියේ දාලා මැන බලන්න යනුවෙන්ද පැවසුවා.
කුමන ආකාරයෙකින් හෝ සජිත් ප්‍රේමදාසට රාජ්‍ය බලය ලබා දෙනවා යන තීන්දුව රටක් වශයෙන් ගනු ලැබුවහොත් ලංකාව මුළු ලෝකයෙන්ම සංවර්ධනයෙන්ම බැබැලෙන රට බවට පත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.