“තෙරේසා මේ” මෝඩ අගමැතිනියක්‌ යැයි ජනපති ට්‍රම්ප් කියයි

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මෝඩ කාන්තාවක්‌ යෑයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. එසේම ඇමෙරිකාවේ සිටින බ්‍රිතාන්‍ය තානාපති කිම් ඩැරොව්ද මෝඩ මිනිහෙක්‌ යෑයි ට්‍රම්ප් දක්‌වා තිබේ. ජනපති ට්‍රම්ප් කර ඇති ප්‍රකාශය ගැන බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට්‌ පැවසූවේ එම ප්‍රකාශයන් අගෞරවයක්‌ බවයි.

එහෙත් ට්‍රම්ප් පැවසූවේ බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක්‌ පත්වීම හොඳ පුවතක්‌ බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මෙම මාසය අවසානයේ සිය ධූරයෙන් ඉවත් වේ.

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍ය තානාපතිට චෝදනා කිරීමට මුල්වී ඇත්තේ ට්‍රම්ප්ගේ පරිපාලනය අකාර්යක්‍ෂම බව පැවසීම නිසාය.

Leave A Reply

Your email address will not be published.