අද අතිශය තීරණාත්මකයි..දේශපාලන පෙරළියක් ද ?

අද දවස ලාංකීය දේශපාලනයේ අතිශය තීරණාත්මක එකකි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග චන්ද විමසීම අද සවස් කාලයේ සිදුවීමට නියමිත ය. එම විශ්වාසභංගයෙන් ආණ්ඩු පක්ෂය පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයකට යා යුතුය. මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද විශ්වාසභංගය ට සහය පළකර ඇත. තීරණය බොහෝ විට තිබෙන්නේ දෙමළ සන්ධානය අතෙහිය. ඔවුන් ඊයේ ප්‍රකාශ කළේ අද උදැසන රැස්වී තීරණයක් ගන්නා බවය.

ජනාධිපතිවරයාට ද වුවමනා කරන්නේ ජනපතිවරණයට පෙර මහා මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට ය. ඔහු මීට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට කටයුතු කළේ ද ඒ නිසා ය. පාර්ලිමේන්තුවේ ජනපති ට හිතවත් එජාප මන්ත්‍රී පිරිසක් ද සිටි. බොහෝ විට එජාප මන්ත්‍රීවරු සියළු දෙනා අද චන්ද විමසීමට පැමිණේදැයි කියන්නට අපි දන්නේ ද නැත.

අනෙක් කාරණය එජාප මීළඟ ජනපති අපේක්ෂකයා ය. බොහෝ දෙනා යෝජනා කරන්නේ සජිත් වුවත් තිරය පිටුපස ආරංචි මාර්ග පවසන්නේ එජාපයෙන් එන්නේ කරු බවය. සජිත් ට දෙන්නට රනිල් කැමති වේදැයි සිතිය නොහැකි වන්නේ ඔහුගේ අතීත කාරණා ද සැළකිල්ලට ගත් විට ය. ඒ අතින් ගත් විට සජිත් ව තරගයෙන් ඉවත් කරන්නට තිබෙන ලොකුම අවස්ථාවක් ලෙස මහා මැතිවරණය ගත හැකිය. ජනපති අපේක්ෂකයා තමන්ගේ ආසනය දිනිඅ යුතු බව කීම පමණක් රනිල් ට සෑහේ. සජිත් නියෝජනය කරන තිස්සමහාරාම ආසනය ජය ගැනීම අසීරු කටයුත්තකි. එය රාජපක්ෂ බල කඳවුරකි.ඒ නිසා ආසනය ජය ගත නොහැකි කෙනෙක් ජනපතිවරණය ජය ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමට අවස්තාවක් සජිත් විරොධීන් ට හිමිවේ. ඒ නිසා රනිල් ද මේ විශ්වාසභංගයට අකමැත්තක් නැතුවා වන්නටත් පුළුවන. ඒ නිසා කොහෙන් කුමක් ක්‍රියාත්මක වෙනවාදැයි දන්නේ නැත.

අද උදැසන මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ද තම මුහුණු පොතේ සටහන් කර තිබුනේ අද සවස දේශපාලන පෙරලියක් කියා ය.

මේ වන විට ජනපති ඉන්නේ ලන්ඩනයේ ය. ඒ පුත් දහම් ගේ උපාධි ප්‍රධානොත්සවයට සහභාගී වන්නට ගොසින් ය.

ඒ වගේම හෙට සිකුරාදා දිනයකි.

Leave A Reply

Your email address will not be published.