ඉන්ධන මිල තීරණය කිරීමේ මිල සූත්‍ර ක්‍රමවේදයට අනුව අද(10) දින මෙරට අලෙවි කෙරෙන ඉන්ධනවල නවතම මිල ගණන් තීරණය කිරීමට නියමිතය.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් එක් එක් ඉන්ධන වර්ගයන් හි සංශෝධිත මිල ගණන් අද දින සන්ධ්‍යාවේ දී නිකුත් කරනු ඇත.
පසුගිය ජූනි මාසයේ දී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් හි පහල යාමක් වාර්තා වී තිබුණද, රජයේ පාලනය යටතේ පවතින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල අලෙවි කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටයරක මිල රු. 3.00 කින් ඉහළ දමනු ලැබූයේ බොහෝ පාර්ශවවල විවේචන මධ්‍යයේය.
එහිදී ලංකා අයි.ඕ.සී. Euro 3 පෙට්‍රල් ලීටරයක මිල ද රු. 7.00 කින් ඉහළ යන ලදී.
කෙසේ වෙතත් ජූනි මාසයට සාපේක්ෂව අද වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වේ.
2019 ජූනි 10 දින ඇමරිකානු ඩොලර් 63.37 ක්ව පැවති Brent බොරතෙල් බැරලයක මිල ඊයේ (09) වන විට ඩොලර් 64.50 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
මේ අතර සිංගප්පූරු වෙළෙඳපොළේ පිරිපහදු කරන ලද ඉන්ධනවල මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය මාසයක කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වේ.
ඒ අනුව පෙට්‍රල් බැරලයක් ඩොලර් 65.20 සිට ඩොලර් 71.30 ක් දක්වා ද, ඩීසල් බැරලයක මිල ඩොලර් 71.23 සිට ඩොලර් 75.32 ක් දක්වා සහ භූමිතෙල් බැරලයක් ඩොලර් 73.06 සිට 77.23 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අනුව අද (10) දින මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිලෙහි ඉහළ යාමක් අකමැත්තෙන් වුවද බලාපොරොත්තු වීමට සිදුවනු ඇත.
පහත දක්වා ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව 2019 ජූනි 10 දින සහ 2019 ජූලි 09 දින නිකුත් කරන ලද වාර්තාවන් දෙකකි.