ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත.
ඔහු ලන්ඩනයේදී ප‍්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රි ලංකා කණ්ඩායමේ පසුබෑමට ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු සියළු පුහුණුකරුරවන් ඉවත් කරන බවයි.
හතුරුසිංහට විශාල වැටුපක් ගෙවන බවත් ඊට ප‍්‍රතිලාබ නොපැබෙන්නේ නම් තව දුරටත් ඔහු පුහුණුකාර ධුරයේ තබාගෙන වැඩක් නැතැයිද කලින්ද දැන්වූ බව ඔහු සදහන් කර ඇත.
මේ අතර චන්දික හතුරුසිංහ කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ තම සේවා ගිවිසුම 2020 දෙසැම්බර් දක්වා ඇති නිසා ධුරයෙන් ඉවත් නොවන බවයි.