2019 මැයි මස 1 වන දා නිකවැරටිය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණේ වයස අවුරුදු 41 ක් වු රස්නායකපුර පොලිස් වසමේ, අංක 216, නිකපිටිය, මංචාවල ලිපිනයේ පදිංචි රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ස්මයිල් මොහොම්මදු නසීර් යන අයෙකි.
මවුලවිවරයෙකු වන මෙම සැකකරු පොලිස් ස්ථානයේ රඳවා තබා ගෙන විමර්ශන සිදු කල අතර, මොහු මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ දී පුහුණු වීම් ලබා ඇති බවට ද අනාවරණය වී තිබේ.
සැකකරු ඊයේ(08) දින වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත බාර දී තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
– අද දෙරණ