බිරිඳ කර තියන් දුවපු හැටි

බිරිඳ කරමත තබා ගෙන දිවීමේ වාර්ෂික ලෝක ශූරතාවලිය මෙවරත් පැවැත්විය.

ඒ ෆින්ලන්තයේ සොන්කායර්වි නගරයේදීයි.

බිරිඳ කරමත තබාගෙන දිවීමේ ශූරතාවලිය මෙවර පැවැත්වුණේ 24වන වරටයි.

ඊට තරඟකරුවන් යුවළ රැසක් සහභාගි වී සිටි අතර එහිදී පිරිමි තරඟකරුවන් සිය බිරිඳ කරමත තබාගෙන මීටර් දෙසිය පනස් තුනයි දශම පහක දුරක් ධාවනයේ යෙදිය යුතු වෙයි.

එමෙන්ම අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, පෝලන්තය, බ්‍රිතාන්‍යය වැනි රටවල් නියෝජනය කරන තරඟකරුවන් මෙවර ශූරතාවලියේදී තරඟවැදුණු බවත් සඳහන් වෙයි.

තරඟයේ යෙදෙන අතරතුරදී තරඟකරුවන්ට බාධක රැසක් හමුවුණ අතර ඒවාද ජයගනිමින් අවසානයට ළඟාවීම අතිශය දුෂ්කර වෙයි.

කෙසේ නමුත් එය ඉතා විනෝදජනක ඉසව්වක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම තරඟය නැරඹීමට වාර්ෂිකව බොහෝ පිරිසක් පැමිණෙන අතර මෙවරද රටවල් රැසකින්ම නරඹන්නන් පැමිණ සිටියේය.

අවසානයේදී තරඟය සාර්ථකව නිමා කරමින් ජයග්‍රහණය හිමිකරගත්තේ ලිතුවේනියානු ජාතික යුවළක් විසින්.

එම යුවල අඛණ්ඩව මෙම ශූරතාව හිමිකරගත් දෙවන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

බිරිඳ කරමත තබාගෙන දිවීමේ ලෝක ශූරතාවලිය සය වරක් හිමිකරගත් ෆින්ලන්ත ජාතික යුවළක් ඔවුන් අතින් පරජයට පත්ව තිබුණි.

කෙසේ නමුත් මෙම යුවළ දෙක තරඟය නිමා කළ කාලය අතර පවතින්නේ තත්ත්පර බින්දුවයි දශම එකක වෙනසක් බව සංවිධායකයන් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.