වත්මන් ජනාධිපතිවරයා නැවත් වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට ඉන් ජයග්‍රහණය කිරීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.
දෙරණ 360 වැඩසටහනට ඊයේ (08) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් ජනාධිපතිවරයා නැවත වතාවක් අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වේදැයි යන පැනයට පිළිතුරු දෙමින් සුමන්තිරන් මහතා කියා සිටියේ, “ඉදිරිපත් වුණත් එකයි.“ නොකෙරුණත් එකයි.“ යනුවෙනි.
කෙසේ වුවත් ජනාධිපතිවරයාට නැවත ජයග්‍රහණය කළ නොහැකි බව ද සඳහන් කළ සුමන්තිරන් මහතා, 2015 ජනාධිපති සටනේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොරොන්දුව වුයේ තමා එක් වතාවක් පමණක් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස බලයට පත් වෙන බව පැවසු යැයි ද කියා සිටියේය.
ජනාධිපති මැතිවරණයක් පවා නොපවත්වන බව පවසා නැවත වතාවක් ජනාතාව ඉදිරියට පැමිණ ජනාධිපති වරමක් ඉල්ලා සිටිය නොහැකි බව ද පැවසු සුමන්තිරන් මහතා, ජනතාවට සිතිමේ හැකියාව තිබෙන නිසා එවැනි තීරණයක් නොගන්නා බව ද පැවසීය.