දොස්තර ෂාෆි සහබ්දීන් නිදහස් ? චෝදනාවලට නිවැරදිකරු..

කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇතුළු අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකුට අද නිදහස ලබා දීමට සූදානමක් ඇති බව ජාතික පුවත්පතක් වන “ටැමිල්මිරර්“ පුවත්පත වාර්තා කරයි.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මෙහොමඩ් ෂාෆිට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරුවකු නොවන බව සිදු කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

අදාළ පුවත්පත වාර්තා කළ පරදි ඊයේ(08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකුද අද නිදහස් කිරීමට නියමිත බව එම පුවත්පත වාර්තා කරයි.

මෙම මුස්ලිම් ජාතිකයින් ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධ නොමැති පුද්ගලයින් බව එම පුවත්පත වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් අද දෙරණ සිදු කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා සඳහන් කර සිටියේ ඊයේ පැවති සාකච්ඡාවේදී එවැනි කරුණක් සාකච්ඡා නොවූ බවයි.

  • අද දෙරණ ඇසුරෙනි
Leave A Reply

Your email address will not be published.