පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පාර්ශවයන්ට දඞුවම් ලබාදෙන අතර තුර ඊට සම්බන්ධ නොවූ පුද්ගලයින්ට අපහාස කිරීමෙන් වැළකිය යුතු බව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පවසනවා.
ඔහු පවසන්නේ රටේ ආරක්ෂාව සෑම ජනකොටසකටම වැදගත් සාධකයක් වන බවයි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලා.
එහිදි මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ගේ අමාත්‍යධූරයට වඩා රටේ ආරක්ෂාව වැදගත් බවයි.
සාමය ,සහජිවනය ආරක්ෂාකර ගැනීම සඳහා සියලු මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍යධුර අතහැරිය බවද ඔහු පැවසුවා.
හදිසි නීතිය පැවතියද එය කඩාකප්පල් කරන පිරිසක් සිටින බවත් ඔවුන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සෑම පුද්ගලයෙකුටස නීතිය සමව ක්‍රියාත්මක කළ යුතු බවත් මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කලා.