සුළු ජාතීන්ගේ ඡන්ද වලින් තොරව සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරයකු පත් කර ගැනීමට හැකි යැයි කිසිවකු සිතන්නේ නම් ඔවුනට අවඟුල් සීනු නාද කිරීම සියලු සුළු ජන කොටස් වල වගකීමක් යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ මඩකලපු ප්‍රදේශයේ දී පැවැති මහන මැෂින් බෙදාදීමේ උත්සවයක් අමතමින්.
නුදුරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතාව පාරට බැසිය යුතු බවත් අපගේ ඉමාම්වරු හා දේවස්ථාන අන්තවාදීන්ගෙන් බේරා ගත යුතු බවත් ඔහු කියා සිටියා.
මුස්ලිම් ජනතාව වෙත අද වන විට අසත්‍ය චෝදනා එල්ල කරමින් ඇති බවත් අන්තවාදීනට ප්‍රචණ්ඩත්වය වූවමනා වී ඇති බවත් ඔහු සඳහන් කළා .
ජනතාවගේ සහාය නැතිව 100% සිංහල බෞද්ධ ඡන්ද පමණක් ලබාගෙන ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කළ හැකි බව සමහරු සිතන බවත් එම සිහිනය බිද දැමීමට සුළු ජාතීන් සියල්ල එක් විය යුතු බවත් ඔහු කියා සිටියා.