ඊයේ අරලිගහ මන්දිරයේ කථා වුණේ මොනවද?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (08) පස්වරුවේ අරලිගහ මන්දිරයේ දී පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේ දී රටේ පොදු ප්‍රශ්න පිළිබඳ අවධානය යොමුවු බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

එහිද මාධ්‍යවේදින් නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ හෙට (10) සහ අනිද්දා (11) දෙදින තුල විශ්වාසභංගය යොජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැවින් ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය සාකච්ඡා කළ බවයි.

රජයේ නිවැරදි බව ඔප්පු කිරීමට එය හොඳ අවස්ථාවක් බවද ඒ මහතා එහිදි පවසා සිටියා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු ඉඟීයක් ලබා දීමට අවශ්‍ය නොවන බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය පරිදි නිවැරදි වෙලාවට අපෙක්ෂකයාගේ නම හෙළි කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම වත්මන් ආණ්ඩුව කිසිදු ගිවිසුමකට අත්සන් නොකළ බවත් එලෙස අත්සන් කර ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave A Reply

Your email address will not be published.