මිලේනියම් චැලෙන්ජ් සමාගමේ විධායක නිලධාරියාගෙන් අගමැතිට ලිපියක්

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නියෝජිතායතනයේ ප්‍රතිලාභී රටක් ලෙස තෝරාගෙන ඇති ශ්‍රී ලංකාවට අදාළ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව පවසා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වන ශෝන් කේන්ක්‍රෝස් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා ඇත.

ඒ සඳහා සිය සුභ පැතුම් එක් කරන බවද ශෝන් කේන්ක්‍රෝස් මහතා සිය ලිපියේ දක්වා ඇත.

“මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි ප්‍රධාන විධායක වශයෙන් මාගේ සුභාශිංසන ඔබතුමන් වෙත පිරිනමමි.

පසුගිය ජුනි මස 24 වන දින මා, එම ධූරයේ දිවුරුම් දුන් අතර එවන් විශිෂ්ට නියෝජිතායතනයක් සහ නිපුණ කාර්ය මණ්ඩලයක් මෙහෙයවීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සළකමි.

ප්‍රවාහනය හා භූමි පරිපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ගැටළු අවම කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ව එළඹෙන ලද, යෝජිත ඩොලර් මිලියන 480 ක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය තවදුරටත් කැපවන බව දැනුම් දෙනු කැමැත්තෙමි.

මෙවන් තීරණාත්මක අවධියක, නිශ්චිත කාලයේ දී මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමට අපි උනන්දු වන්නෙමු.

ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිවෘද්ධිය තහවුරු කරමින් දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් අප දෙරට සතුවන අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ඔබතුමාගේ නායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරමි.” යනුවෙන් එම ලිපියෙහි සඳහන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ada derana

 

Leave A Reply

Your email address will not be published.