තවත් වසර හයක් රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය තබා ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රාජපක්ෂවරු 6 දෙනෙක් එක්ව ඇති බවත් පැවසු ලක්ෂමන් කිරිඇල්ල මහතා, නමුත් එක්සත් ජාතික පක්ෂයේ එවැනි ක්‍රියාවලියක් නොමැති බව ද කියා සිටියා.
කෘත්‍යාධිකාරී මණ්ඩලය මඟින් මුළු ලංකාවම නියෝජනය වන බවත් එය කැඳවා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.
දිනන්න පුළුවන් කෙනෙක් පත් කරන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පමණක් නොව උතුරු නැගෙනහිර ඡන්ද ද ලබා ගත යුතු බව ද ඔහු පැවසුවා.
ආණ්ඩුව ලේසියෙන් බාර නොදෙන බවත් තවත් වසර 6ක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.