අද එජාප නායකත්වයේ ඉන්න බැංකු කඩපු හොරු, නිගන්ටයෝ ටික රට කෑලි වලට කඩලා විකුණනවා
වෙඩි නොවඳින නෙමෙයි පුළුවන් නම් හොයලා ගන්න හෙණ නොවඳින කාර්
ඉඩම් විධිවිධාන පනත මඟින් අනාගතයේදී කිසිදු සිංහල ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය හිමි නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ.
ඩී. එස් සේනානායක මහතා අද ජීවත් වූවානම් අද පක්ෂය පවතින තත්ත්වය පිළිබඳ දැඩි වේදනාවට පත්වනු ඇති බවත් මැද පෙරදිග ගෘහ සේවයට විදෙස් ගත වන කාන්තා ශ්‍රමය නොතිබෙන්නට රනිලි වික්‍රමසිංහ අගමැතිවරයාට සිදු වන්නේ ද හිඟමන් යැදීමට බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අද එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන බැංකු කඩපු හොරු, නිගන්ටයො ටික රට කෑලි කෑලි වලට කඩල විකුනනවා යයි ද ඒ මහතා පැවසුවා.
“මැද පෙරදිග රැකියාවට යන කාන්තාවන්ගෙන් රටට ලැබෙන ඩොලර් ටික නැත්තන් අගමැතිවරයාට වෙඩි නොවදින කාර්වල යන්න වෙන්නේ නෑ.
වෙඩි නොවදින කාර්වල ගියත් බේරෙන්න වෙන්නේ නෑ.
පුළුවන්නම් හොයලා ගන්න හෙන නොවදින කාර්.”යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.