මංගල දේශපාලනයෙන් සමුගන්න සුදානම් ! යන දවසත් කියයි…

මාතරදී පැවති උත්සවයක් අමතමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා තම දේශපාලනයෙන් සමුගැනිම ප‍්‍රකාශයටට පත් කළා.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ මංගල සමරවීර අමාත්‍යවරයා ගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම වෙනුවෙන්

මීළඟ මහා මැතිවරණය තමන් ඡන්දය ඉල්ලන අවසන් මහ මැතිවරණ බව ඔහු සඳහන් කළා.

තම වයස දැනට අවුරුදු හැට තුනක් බවක් තව අවුරුදු පහක් දේශපාලනයේ යෙදුනාම හොඳටම ප‍්‍රමාණවත් බවත් කී ඇමතිවරයා තමන් විශ්‍රාම යායුතු කාලය හැමදෙනාම දැනගතයුතු බවත් මෙහිදී කියා සිටියා.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයකු ලෙස ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාද සහභාගී වී සිටියා.

Leave A Reply

Your email address will not be published.