ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති, අගමැති හා ප්‍රබල ඇමති ධුර කිහිපයක්ම හිමිවන්නේ නම් ඔවුන් සමග සන්ධානගත වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නැති බව ශ‍්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ දෙහිවල ශ‍්‍රීලනිප ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමින්.
ජනාධිපති හෝ අගමැති අපේක්‍ෂකත්වය කිසිසේත්ම ශ‍්‍රීලනිපයට නොදෙන බව පොදුජන පෙරමුණ මේ වන විටත් දන්වා ඇති අතර පක්‍ෂ දෙකම එක්ව මැතිවරණ සදහා තරග කරන බවට ශ‍්‍රිලනිපය විසින් කර ප‍්‍රකාශයද ප‍්‍රතික්‍ෂෙප කර තිබෙනවා.