රාජ්‍ය බලය නැමැති හැන්ද රටේ ජනතාව විසින් තමන්ට ලබා දෙනවා නම් එදිනට ජාත්‍යන්තරය සමඟින් ශක්තිමත්ව ගනුදෙනු කරමින් තමන් වැඩ පෙන්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල, රන්පොකුණගම ප්‍රදේශයේ ඉදිකළ “රනිදුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (06) දින සහභාගී වෙමින්.
අද ඇතැම් පිරිස් ‘සජිත් ප්‍රේමදාසගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද’ කියා ප්‍රශ්න කරන බවත්, තමන් පිටරටවල් සමඟින් ගනුදෙනු කරන විට මාතෘ භූමියට අගයක් එක් කරමින් ප්‍රතිඵලදායි සංවර්ධනයක් දියත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී එතුමා සමඟ සාකච්ඡා කර තමන් කළ ඉල්ලීම මත මෙරට නිවාස සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 12,000 ක ආධාරයක් ඉන්දීය රජය විසින් ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා, ‘සජිත් ප්‍රේමදාසගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද’ කියා ප්‍රශ්න කරන පිරිසට එය හොඳ පිළිතුරක් බවත්, අද දින ජනතා අයිතියට පත්වන “රනිදුගම” උදා ගම්මානයද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ සාර්ථක ප්‍රතිඵලයක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 213 වන ආදර්ශ ගම්මානය මෙයයි.
“රනිදුගම” උදා ගම්මානය නිවාස 24 කින් සමන්විත වන අතර මෙය ඉන්දියානු රජයේ නිවාස ආධාර මත ඉදිකළ ගම්මානයකි. එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 333 ක්.