අත්අඩංගුවේ පසු වන මාකදුරේ මධූෂ් ගෙන් සිදු කරන්නද ප්‍රශ්න කිරීම්වල දී ඔහු සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ඇති බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම මන්ත‍්‍රිවරයා අත්අඩංගුවට ගනු ඇති බවද ඇමැතිවරයා කියා සිටියා.
ඔහුද අනුව ද ඇතුළුව තවත් දේශපාලනඥයින් හත් දෙනකුගේ නම් මධුෂ් හෙළිදරව් කර ඇති බවද ඇමැතිවරයා පැවසුවා.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ මාකඳුරේ මධූෂ් විසින් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධ ක්‍රියාවන් කිසිවකට සම්බන්ධ දේශපාලඥයෙක් සම්බන්ධයෙන් හෙළිදරව්වු වී නැති බවයි.