රට පුරා බලපා ඇති වැසි රහිත කාලගුණය නිසා විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම වේගයෙන් පහල යමින් තිබෙනවා.
මේ හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදි දැඩි අභියෝගයක් එල්ල වන බව විදුලි බල අමාත්‍යංශය පවසනවා.
මේ නිසා හැකි තාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන බවද අමාත්‍යංශය කියා සිටිනවා.