යුද හමුදාව දෙමල ජාතියමැරුවා.. අද බොරුවට පාසැල් මුර කරනවා..- TNA මන්ත‍්‍රී

යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුදහමුදාව අද පාසල් ආරක්ෂාවට පෙනී සිටමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කිලිනොච්චිය පුනරීන් පිරමන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 84 ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී මන්ත්‍රී වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ,

‘අද මම මේ පාසලට එන විට මාර්ගයේ ඉදිරියෙන්ම සිටියේ යුද හමුදාව මේ වෙනකොට දකුණේ බෝම්බ පුපුරපු තැන්වල නෙමෙයි යුද හමුදාව ආරක්ෂාවට දාල තියෙන්නේ මේ වගේ පලාත්වල සාමාන්‍ය පාසල්වලට යුද හමුදාවෙන් දාලා ළමයි ආරක්ෂා කරනවා කියල හොඳ නම ගන්න තමයි දාලා තියෙන්නේ

මේ නිසා මම මේ දරුවන්ගෙන් අහන්නේ ඔයාල ඔයාලගේ අම්මලා තාත්තලගෙන් අහල බලන්න අපේ තාත්තලා කීදෙනෙක් මැරුවද සහෝදරයින් කීදෙනෙක් මැරුවද දෙමළ ජාතියම විනාශ කරන්න ගිය අය දැන් හොඳ අය වගේ රඟපාමින් ඉන්නවා ඒ වගේම දෙමළ වචනයක්වත් දන්නේ නැති මේ අය කොහොමද දෙමළ ජනතාවට සලකන්නේ උදව් දෙන්නේ.යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

lankacnews

Leave A Reply

Your email address will not be published.