මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ලැබුවා.

බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කිරීම සිදු කළා.

මෙය නිකුත් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීම සඳහා අද කැඳවු අවස්ථාවේ ය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල තීන්දු කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල ඔක්තෝබර් 29 සලකා බලන බවයි.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වනදා තෙක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියා

Leave A Reply

Your email address will not be published.