කොළඹ ආදි මහානාම ක්‍රිකට් සමාජය සංවිධානය කරන සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි මස 7 වන දින උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා කොළඹ ක්‍රිකට් සමාජීය සමාජීය (සී.සී.සී) ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අඛණ්ඩව තෙවන වරටත් උත්කර්ෂවත් ව සංවිධාන කරන මෙම තරඟාවලිය සඳහා ආදි ශිෂ්‍යයන් හට තම වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දී ඇත .
මෙවර මෙම තරගාවලියට සමාගාමීව එදිනට ආදි ශිෂ්‍යයන් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා විනෝදාංශය ගෙන දෙන විශේෂාංග රැසක් එක්කර ඇති අතර ඒ අතර කුඩා ළමුන් සඳහා විශේෂාංග සමග Dj සහ පපරේ සංගීතය ආහාරපාන කුටි සහ තවත් අංග රැසක් ඇතුළත් කොට ඇත .
ආදි සිසුන්ගේ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සෑම වසරකම ආදි මහානාම ක්‍රිකට් සමාජය මෙය සංවිධානය කරන අතර ඒ සඳහා සහභාගි වන ලෙස සියලු ආදි සිසුන්ට මෙයින් ආරාධනා කර සිටී.
විමසීම් 0772962229 (රුසිරු ද සිල්වා – සභාපති )