එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.
ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මංගල සමරවීර මහතා සිදු කළේ තම මතය ඉදිරිපත් කිරීම පමණක් වන අතර පක්ෂය එක්ව සාකච්ඡා කොට ඉදිරි තීරණය ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
විරුද්ධවාදීන් මේ වන විටත් පරාජයට පත් වී ඇති බවත් ඒ හේතුවෙන් එජාපයේ අපේක්ෂකයා පිළිබඳ බියට පත් වී ඇති බවත් කබීර් හෂීම් මහතා පවසනවා.
“බය වෙන්න එපා 2015 දීත් අපි අන්තිම වෙනකල් කිවුවේ නෑනෙ.
මේ පාරත් ජොකියා දැම්මට පස්සේ වැඩේ හරි.
මේ පාර පිටින් අශ්වයො නෑ.මේ පාර එන්නේ යූඑන්පී අශ්වයෙක්.” යනුවෙන් ද ඔහු පවසා සිටියා.