සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ දෙපාර්මේන්තුව පවසනවා.
මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පෙන්වා දෙන්නේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තද සුළං ද, වයඹ පළාතේත් මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-45 දක්වාවන තරමක් තද සුළං ද ඇති විය හැකි හැකි බව කාලගුණ දෙපාර්මේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.