ෂරියා නීතිය ලංකාවේ ක්‍රියාත්මකයි.. 20 කට මරණ දඬුවම දීලා.. මෙන්න හෙළිදරව්ව Video

අද වනවිට මෙරට තුළ ෂරියා නීතිය ක්‍රියාත්මක ව පවතින බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

මානව හිමිකම් කොමිසමට කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් වැසියකු විසින් යොමු කරණ ලද වාර්තාවක මේ බව සඳහන් වන්නේ යයිද උන්වහන්සේ පැවසූහ.

ෂරියා නීතියෙන් විස්සකට අධික ශ්‍රී ලාංකික පිරිසකට මරණ දණ්ඩලය ලබා දී ඇතැයිද එම වාර්තාවේ පැහැදිලව සදහන් වන බවද හිමියන් කියා සිටියහ.

පොලියට මුදල් දීම, රජයට ඔත්තු දීම, ගණිකා වෘත්තියේ යෙදීම, කාඩ් සෙල්ලම් කිරීම, හමුදාවේ සාමාජිකයෙකු වී සිටීම යන චෝදනාවන්ට මොවුනට දඩුවම් පමුණුවා ඇතැයි කී උන්වහන්සේ මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු සියල්ල තමන් සතු බවද කීහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ මැයෙන් නුගේගොඩදී පැවතා ජනතා රැළිය අමතමින්.

Leave A Reply

Your email address will not be published.