සජිත් ට දිනන්න බෑ.. ඔහුගේ කතා පසුගාමියි.. සජිත් ගේ කතා වලට ඇතුලෙන් ම විරෝධය..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් එම නායකයන් හා හිතවාදීන් අතර බෙදීමක් හටගෙන තිබෙනවා.

මේ වනවිටත් එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය දක්වමින් සිටින අතර ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපති කල යුත්තේ අවම තරමින් ලංකාවේ සාමාන්‍ය පෙළ සමත් වූ පුද්ගලයෙකු විය යුතු බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා කළ හොත් සතියක් දෙකක් යන විට ඔහු සමාජය තුළ සමච්චලයට ලක් වනු ඇති බව තවක් පිරිසක් අදහස් කරයි. ඔහු පසුගියදා පැවසුවේ ජනතාවට වැඩ කරන බව පෙනෙන්නේ ඇස් යට කළුවී වෙහෙසකර පෙනුමක් ඇතිවිට බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට දක්වමින් සිටින අදහස් 60 හෝ 70 ද දශකවල දේශපාලඥයෙකු විසින් දක්වන ලද අදහස් වලටද වඩා පසුගාමී අදහස් බවද ඔවුන් චෝදනා කරනවා.

මේ අතර එජාප හිතවාදියෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ සජිත් පේ‍්‍රමදාස යනු වත්මන් ජනපති මෛත‍්‍රිපාල සිරිසේන පන්නයේම ඊටද වඩා පොඩි මොඩල් එකක් බවයි.

ඔහුට කිසිසේත්ම ජනාධිපතිවරණය ජයගත නොහැකි බවත් රාජපක්‍ෂවරුන් නතු කරගෙන සිටින සිංහල බෞද්ධ ඡන්ද පදනම ආකර්ශණය කර ගැනීමටද ඔහු අසමත් වනු ඇතැයිද සදහන්.

Leave A Reply

Your email address will not be published.