වෛද්‍ය සාෆි නිදහස් කරන්නැයි CIDය ආරක්‍ෂක ලේකම්ට දන්වයි..

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් තම දෙපාර්තමේන්තුව බාරයේ තවදුරටත් රඳවා තබා ගැනීම යුක්ති සහගත නොවන බව පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇති බව දැන ගන්නට ලැබෙනවා .

මෙම වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් හෝ වෙනත් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බවට කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බවද ලිපියෙන් සදහන් කර තබෙනවා..

එනිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව ඔහු තවදුරටත් තම දෙපාර්තමේන්තුවේ රදවා ගත නොහැකි බවයි එමගින් පෙන්වාදී තිබෙන්නේ.

එනිසා මෙම වෛද්‍යවරයා වෙත නිකුත් කර ඇති රැදවුම් නියෝගය අවලංගු කරන්නැයි දෙපාර්තමේන්තුව විසින් ආරක්‍ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව මෙම රැඳවුම් නියෝගය අවලංගු කළහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සැකකාර වෛද්‍යවරයා මුදාහැරීමට සිදුවිය හැකි බවද වාර්තා වෙනවා.

මුලාශ්‍ර – ලංකා සි නිවුස්

Leave A Reply

Your email address will not be published.