Huawei වෙත පැනවූ Google තහනම ඉවතට..

ලෝකයේ දැවැන්තම දුරකතන නිෂ්පාදන සමාගමක් වන චීනයේ Huawei පනවන ලද ඇමරිකානු තාක්ෂණික තහනම ඉවත් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසනවා.

ජපානයේදී පැවති G20 සමුළුවේදී චීන ජනාධිපතිවරයා සමග සිදු කරන ලද සාකච්ඡාවකින් පසු ඔහු මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ Huawei සමාගම ලෝකයේ විශාලතම සන්නිවේදන උපකරණ නිෂ්පාදකයා වන අතර පසුගිය මැයි මස ඇමරිකාව විසින් පනවන ලද තහනම ඒ අනුව ඉක්මනින්ම ඉවත් වනු ඇත.

ජංගම දුරකතන වෙලදපල අතින් සැම්මුන්ග් සමාගමට පසු වැඩිම අලෙවියක් ඇත්තේ හුවාවේ සමාගමේය.

Leave A Reply

Your email address will not be published.