පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 60 ඉක්මවූ මන්ත්‍රීවරු 79 ක්…ඉතිරි අයගේ වයස් මෙන්න

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනා අතුරින් 79 දෙනෙක් ම වයස අවුරුදු 60 ඉක්මවූ මන්ත්‍රීවරු බව ප්‍රකට වෙබ් අඩවියක් වන manthri.lk  වාර්තා කරනවා.
ඔවුන්ගේ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 81 සිට 90 දක්වා වයස පරාසය තුළ මන්ත්‍රීවරු 04 දෙනෙක් ද වයස අවුරුදු 71 සිට 80 දක්වා වයස පරාසය තුළ මන්ත්‍රීවරු 26 දෙනෙක් ද වයස අවුරුදු 61 සිට 70 දක්වා වයස පරාසය තුළ මන්ත්‍රීවරු 49 දෙනෙක් ද සිටිනවා.
පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රතිශතයක් වන 33% ක ප්‍රමාණයක් හෙවත් මන්ත්‍රීවරු 74 දෙනෙකු සිටින්නේ වයස අවුරුදු 51 සිට 60 දක්වා වයස පරාසය තුළයි. වයස 41 ත් 50 ත් අතර කාණ්ඩයේ මන්ත්‍රීවරු 56 දෙනෙකු සිටින අතර වයස 30 ත් 40 ත් අතර මන්ත්‍රීවරු සිටින්නේ 15 දෙනෙකු පමණයි.

manthri.lk

Leave A Reply

Your email address will not be published.