දියවැඩියාවට සුව දෙන , ඔබ තරුණ කරන විශ්මිත පළතුරක් පේර

පේර කියන්නේ අපි හැමෝම කැමති රසවත් පළතුරක්.
පේර වල ඇති විශ්මිත සෞඛ්‍යය ප්‍රතිලාභ පිළිබඳව ඇසුවොත් නම් එය ඔබේ ප්‍රියතම පලතුර බවට පත්වේවි. නමුත් පේර වල ඇති එම ප්‍රතිලාභ පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. පේර වල බලවත් ප්‍රතිඔක්සිකාරක සහ විටමින්ද තිබෙනවා.

දොඩම් සහ ලෙමන් තරමටම පේරද ගුණයෙන් පොහොසත් පළතුරකි. නමුත් එම පලතුරු වලට වඩා පේර වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත්ම ප්‍රභලයි.

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරනවා

පේර වල විටමින් සී බහුලවම ඇති නිසා තමයි ප්‍රතිෂක්තීරණය පද්ධතිය ශක්තිමත් වන්නේ. ඉතින් එම නිසා වයිරස් වලින් සහ නොයෙකුත් රෝගී තත්වයන්ගෙන් ස්වාභාවිකවම ආරක්ෂාව සලසා ගන්නට ඔබට පුළුවන්.

පිළිකා සෛල උදාසීන කරනවා

පේර වල ඇති සුවිශේෂීම ගුණය නම් පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ ගුණයයි. ඉහත සඳහන් කල පරිදි පේර වල ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. එම නිසා පේර අනුභව කරන විට free radicals වල බලපෑම උදාසීන වෙනවා. එවිට පිළිකා සෛල වල පැතිරීම යම් පමණකින් අඩු වෙනවා. පිළිකාවට එරෙහිව සටන් කරනවා යනුවෙන් අදහස් කරේ එයයි.

හදවත ආරක්ෂා කරනවා

හදවත් රෝග නිසා වසරකට බොහෝ දෙනෙක් මරණයට පත්වෙනවා. පේර කොළ කිහිපයක් තම්බාගත් වතුර පානය කරනවානම් triglycerides සහ cholesterol මට්ටම අඩුකරගන්න ඔබට පුළුවන්. රුධිර සීනි මට්ටම ස්ථායීව පවත්වාගන්නටද එය බෙහෙවින් උපකාරී වෙනවා.

මුඛ සෞඛ්‍යය රැකදෙනවා

පේරවල ප්‍රති බැක්ටීරියාකාරක ගුණයක් ඇති නිසා ඔබේ දත් වල අතර සිටින බැක්ටීරියාවන් විනාශ කරනවා. ඒවගේම දත්මුල් ඉදිමීම ඇතුළුව අනෙකුත් මුඛය ආශ්‍රිත දෝෂයන් ඇතිවීම වැළකෙනවා. එපමණක් නොවෙයි වේදනා නාශක ගුණයක්ද ඇති නිසා දත් කැක්කුමද සුවවෙනවා.

දියවැඩියාවට එරෙහිව සටන් කරනවා

පේර කොළ තම්බාගත් වතුරට රුධිරයේ සීනි මට්ටම විධිමත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒවගේම පේර යුෂ වලද එවැනිම ගුණයක් තිබෙනවා බව පැවසෙනවා. පේර කෙලින්ම අනුභව කිරීමේදීද එම ප්‍රතිලාභම ලැබෙනවා.

පෙනීම වැඩිදියුණු කරනවා

පෙර වල ඇස්වල සෞඛ්‍යය තත්වය සඳහා වැදගත්ම පෝෂකයක් වන විටමින් A තිබෙනවා. එම නිසා රාත්‍රී අන්ධතාවය ලෙස හඳුන්වන තත්වය වැකෙන අතර අක්ෂි සෛලවල සෞඛ්‍යය තත්වයද වැඩිදියුණු වෙනවා.

සම සඳහා ඉතාමත්ම හිතකරයි

ප්‍රතිඔක්සිකාකර වැදගත් වන්නේ පිළිකාවලට එරෙහිව සටන් කිරීමටම පමණක් නොවෙයි, සම සඳහාත් ඉතාමත්ම ඵලදායී වෙනවා. සමේ තරුණ බව ආරක්ෂා වීම, කුරුලෑ ඇතිවීම සහ අකලට වයසට යෑම වැළකීම පේර වලින් සම සඳහා ලැබෙන විශ්මිත ප්‍රතිලාභ කිහිපයකි.

පාචනයට ප්‍රතිකාර කරනවා

ආහාර ජීරණ පද්ධතියේ නිවැරදිව ක්‍රියාත්මක වීමට පේර වලින් විශාල උපකාරයක් ලැබෙනවා. එම නිසා පේර අනුභව කිරීම මගින් පාචනය ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්. ඒවගේම පාචනය සුවකරගන්නත් පුළුවන්. ඒවගේම ශරීරය විජලනය නොවී සජලනයව පවත්වාගැනීමේ හැකියාවක්ද පේර වලට තිබෙනවා.

ගර්භණී කාන්තාවන්ට ඉතාමත්ම හිතකරයි

ගර්භණී කන්තාවන්ට ගර්භණී සමයට පෙර සිටම ෆෝලික් අම්ල අතිරේකයන් ලබා දෙන බව ඔබ අසා ඇති. ඉතින් පේර වල ෆෝලික් අම්ලයන් ඇති නිසා පේර අනුභවය ගර්භණී කාන්තාවන් සඳහා ඉතාමත්ම හිතකරයි. මොකද දරුවාගේ මොලය සහ ස්නායු පද්ධතියේ වර්ධනයට ෆෝලික් අම්ලයන් අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.

ආතතිය අවම කරනවා

පේර වල මස්පිඩු සහ ස්නායු සංසිඳුවන මැග්නීසියම් අන්තර්ගත වෙනවා. එම නිසා මහන්සිවී ව්‍යායාම කල පසුව අනුභව කිරීමට වඩාත් සුදුසු ආහාරයක් ලෙස පේර හඳුන්වන්නට පුළුවන්. මොකද ඒ විසින් විඩාවට පත්වූ මාන්ෂපෙශී ඉහිල් කරමින් ආතතියද අවම කරනවා.

සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස

පේර වල විටමින් සී සහ යකඩ බහුලව පවතිනවා. එම පෝෂක දෙකම වෛරස් ආසාදනයන් වලට එරෙහිව ක්‍රියා කරන ඉතාමත්ම වටිනා පෝෂක පදාර්ථයන් දෙකක්. එම නිසා සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම වලක්වාගැනීමට සහ සුවකරගැනීමට පේර යුෂ පානය කරන්න.

උපුටා ගැනීම – www.niroga.lk 

Leave A Reply

Your email address will not be published.