ඇමතිකම යලි ගන්නැයි ජනපති , අගමැති කිවුවා..

තමනට ඇමති ධූරය භාර ගන්නැයි අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද ඉල්ලීම් කළ බව හිටපු ඇමැති රිෂාද් බදියුදීන් මහතා සඳහන් කරනවා.

තමන් කිසිදු වරදක් නොකළ බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුළු රටම දන්නා බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ඇමැති ධූරය භාර ගැනීම සඳහා තමන්ට එතරම් හදිස්සියක් නැති බවද ඔහු පවසා සිටියා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

Leave A Reply

Your email address will not be published.