ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් එලියට ඇවිත් වෙනම පෙරමුණකින් ජනාධිපතිවරණයට එන ප‍්‍රබල ඇමති කවුද
සුමධුර ධර්ම කතික හිමියන්ගේ වීඩියෝවක් තියාගෙන අල්ලේ නටවයි..
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් අපේක්ෂකත්වය නොලැබුණහොත් එම පෙරමුණෙන් ඉවත් ව වෙනම පෙරමුණක් හදාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයෙක් සූදානම් වන බවට එජාප ප්‍රබලයන් අතර සාකච්ඡාවක් ඇතිව තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ප්‍රබල ඇමතිවරයෙකු තමාට හිතවාදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග අදහස් පල කර ඇත්තේ මෙම පුද්ගලයා සුමධුර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් ද අල්ලාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පිඹුරුපත් සකසා ඇති බවයි.
එම ස්වාමීන් වහන්සේගේ රහසිගත වීඩියෝ පටයක් තබාගෙන එය පාවිච්චි කරමින් බලහත්කාරයෙන් මෙම හිමියන් යොදවා ගනිමින් ඇති බවද ඔහු සඳහන් කර ඇත.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිසිසේත්ම වෙනස් පක්ෂයක අයෙක් නොව එක්සත් ජාතික පක්ෂයේම අයෙක් බවද ඔහු අවධාරණය කර තිබේ.
2020දී මෙම ප‍්‍රබලයා රටේ නායකයා වන්නේ යයි කියන ලද අනාවැකියක් හේතුවෙන් කලක සිට ඒ සිහි තබාගෙන සියළු වැඩ සැලසුම් කරමින් සිටි බවද වාර්තා වෙයි
උපුටා ගැනීම- ලංකා සී නිවුස්