තැන් කිහිපයකට අද වැසි

සබරගමුව පළාතේ වැසි වාර කීපයක් ඇති වන අතර, බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර හා මහනුවර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-55 අතර සුළං වේගයක් පවතිනු ඇත.

මේ අතර, වයඹ පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ත් විටින් විට හමන සුළං වේගය පැයට කිලෝ මීටර 40-45 දක්වා තරමක් තද සුළං ඇති විය හැකියි.

Leave A Reply

Your email address will not be published.