ලංකාවේ නැතත් පිටරටක මට පිළිගැනීමක් තියෙයි-මාලිංග

ලෝක කුසලානෙන් පසු ශ්‍රී ලංකාවේදී තරගයක් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඩරම් නුවරදී අද දෙරණ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කළේය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ පැවසීය.

“පුහුණුකරු, නායකයා වෙනුවෙන් මම ක්‍රීඩා කළේ නැහැ. මට හම්බ වෙන තරගය මම දිනන්න ක්‍රීඩා කළා. කඩුල්ලක් ගන්න බැරි වුණාම. නායකයාගේ වැරදි කියන්නේ නැහැ

ලකුණු 100ක් ගැහුවාම පුහුණුකරු වෙනුවෙන් කියන්නේ නැහැ. ඒ වගේ ළාබාල මානසිකත්වයක් නැහැ මට. සමහර අයගේ පටු අරමුණුවලට එක එක දේ කළාට

ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයට බලපාලා නැහැ ඒක. අයි.සී.සී එකේ අපි ඉන්නේ 9 වෙනි තැන. කවුරු ක්‍රිකට් දියුණු කළා කිව්වත් තියෙන තැන පේනවා. දැනුමක් නැති අනුන්ට ඕන විදියට වැඩ කරන අය. තේරීම් කමිටුවට පත් කරන්න එපා“

ප්‍රශ්නය – ඔබ ඉදිරියට පුහුණුකරුවෙක් විදියට හෝ ක්‍රිකට් පරිපාලනයට හෝ සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවාද?

“පුහුණුකරුවෙක් නම් වෙනස් ආකාරයේ කෙනෙක් වෙන්න ඕන. ඒ වගේ දෙයක් කරන්න මට ඕන. ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩකයන් බලාපොරොත්තු වෙනවානම්. මගේ රට වෙනුවෙන් ඒ දේ කරන්න මම කැමතියි. ක්‍රිකට් ආයතනය මට කරපු දේවල්වල හැටියට. මගෙන් දේවල් බලාපොරොත්තු වෙයි හිතන්න අමාරුයි

මම හිතනවා ලංකාවේ නැතත් පිටරටක මට පිළිගැනීමක් තියෙයි“

අද දෙරණ ඇසුරෙනි

Leave A Reply

Your email address will not be published.