ජනතා ගැටළු විසඳන සුපුරුදු ක්‍රමවේදයට සීමා නොවී එම ක්‍රමවේදය උඩු යටිකුරු කරමින් නව ක්‍රමවේදයක් ගෙන ආ යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලක්ෂ 220 ක් වූ පුරවැසි පරපුරේ ජන ජීවිතය සුඛිත මුදිත කරවීමට මෙරට ලක්ෂ 14 ක් වූ රාජ්‍ය සේවකයින් එකතු කර ගනිමින් එකී ක්‍රමවේදය නිර්මාණය කරන්නට අව්‍යශ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සිය ගැටළුවලට විසඳුම් ලබා ගැනීම ජනතාවගේ එකම අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, දිවංගත රණසිංහ ප්‍රේමදාස තම පියාණන් අගමැති හා ජනාධිපති වී සිටියදී ජනතා ගැටළු විසඳීමට ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත්, තමාද එම ප්‍රතිපත්තිය අනුව යමින් පොදු ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට ඇප කැප වී ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කළ ජංගම සේවා සංකල්පය සෑම මහජන නියෝජිතයෙකු විසින්ම ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, තලාව, මොරගොඩ ප්‍රදේශයේ ඉදිකළ “වරුණාගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (30) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේජනතා අයිතියට පැවරුණු 210 වන ආදර්ශ ගම්මානයමෙය වේ.
“වරුණාගම” උදා ගම්මානය නිවාස 24කින් සමන්විත වන අතරඑය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ314කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.
ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන්24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ180ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 55 කට රුපියල් ලක්ෂ 117 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 50 ක් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා‘සොඳුරු පියස’ නිවාස ණය,‘වකුගඩු රෝගීන්25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 68 ක් වටිනා නිවාස ආධාර, අභ්‍යාසලාභීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 25 ක් වටිනා “ශිල්ප සවිය” ප්‍රතිලාභ, පවුල් 5 කට රුපියල් ලක්ෂ 20 ක් වටිනා ස්වයං රැකියා ණය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින්137දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩිප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කාන්තා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.