ජනතාවගේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වන්නේ වහාම 18 සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන අහෝසි කළ යුතුය යන්න බවත් රට පාලනය කිරීමේ බලය හිමිවිය යුත්තේ එක් අයෙකුට පමණක් බවත් ඒ මහතා පැවසීය.
එසේම ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් මඟින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.