ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරනයේදි යලිත් බලයට පැමිනිමට උත්සහ දරන්නේ ජනතාව මුලා කළ නායකයින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
“විථි පිරන පාද සටනට අපි එක්වෙමු” යන මැයෙන් ඊයේ (29) පස්වරුවේ බගවන්තලාව ප්‍රදේශයේ පැවති රැස්විමක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළා..
ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි යලිත් බලයට එන්නට උත්සහ කරන්නේ අලුත් ප්‍රතිපත්ති තිබෙන , අලුත් වැඩ පිලිවෙලක් තිබෙන අලුත් අය නොවන බවත් මෙරට ජනාතාව මුලාකල නයකයින් බවත් මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළා.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රිවරයා පැවසුවේ ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි සහරාන්ගේ බෝම්බ පිපිරිමේ වාසිය ජාතිවාදයක් කර ගනිමින් මේ රටේ බලයේ සිටින ඇතැම් දේශපාඥයන් රටේ ජනතාව මුලාකිරිමට කටයුතු කරන බවයි.