කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් (22) දා සැඩ රළ පහරට හසු වි අසාධ්‍යයව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වු බව වාර්තා වෙනවා.
හසිනි විජේසුරිය මහත්මිය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කල අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා දියණියන් දෙදෙනා සමඟ යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි 22 දින හසිනි විජේසුරිය මහත්මියගේ පවුලේ උදවිය සැඩ රල පහරට හසු විමෙන් සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුනා.
සැඩ පහරට හසු වු හසින් විජේසුරිය මහත්මිය අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් විසින් ඇයව කොලඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන විත් ඇතුලත් කර තිබුණා.
ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 දින හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කර හත් දවසේ දානමය පින්කම පවුලේ ඥාතින් සහ හිතවතුන් විසින් ඊයේ (29) රාත්‍රි හැටන් නිවසේදි සිදු කළ බව දැනගන්නට ලැබුණා.
ජිවිතක්ෂයට පත් හසිනි විජේසුරිය මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසනවා.