බියගම ප්‍රදේශයේ පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීම සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් බලපෑම් එල්ල වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය 25 වැනිදා අදාළ ගබඩාව පරික්ෂා කිරීමේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු ඇතුළු ධාන්‍ය කිලෝග්‍රෑම් ලක්ෂ 7කට අධික තොගයක් සොයාගෙන ඇති බවයි.
අදාළ ගබඩාව මුද්‍රා තබා ඉදිරි නීතිමය කටයුතු සිදුකරමින් පවතින අවස්ථාවේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා ඊට මැදිහත් වී විවිධ බලපෑම් එල්ල කරමින් සිටින බව උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියා
අද දෙරණ අනුග්‍රහයෙනි.