6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණීවල සිසුන් සදහා ද ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙල ඉතා ඉක්මනින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
ටැබ් පරිගණක ලබාදීමේ පළමු පියවර උසස් පෙළ සිසුන්ගෙන් ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළා.
මුලින්ම ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම සිදුකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඒ ගල්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී.