ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් කුමර වෙල්ගම මහතා ඉවත් කර තේනුක විදානගමගේ මහතාව පත් කරගැනීම අද (29( සිදු කෙරුණේය.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රීක් සම්බන්ධීකරණ රැස්වීමේදීයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අද පස්වරවේ බදුල්ල මහනගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
එහිදී යෝජනා සම්මත කරගනු ලැබුවේ කුමාර වෙල්ගම මහතා බදුල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර තේනුක විදානගමගේ මන්ත්‍රීවරයාව දිස්ත්‍රික් නායකත්වයට පත්කරගන්නා ලෙසයි.