ජනාධිපතිවරණය සඳහා තම පක්ෂය සූදානමින් සිටින අතර ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති ජනහමුකට එක්වෙමින්.
එහිදි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ විද්වතුන්, කලාකරුවන්, බුද්ධිමතුන් එකතු කරගනිමන් සැබෑ ජනතා මධ්‍යස්ථානය ගොඩනලන්නා බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු විරෝධී පා ගමනක් අනුරාධපුර නගරයේ ඩී.එස් වටරවුම අසලින් ඊයේ (28) ආරම්භ කළේය.
ඔවුන්ගේ ජනහමුව පැවැත්වුණේ අනුරාධපුර සති පොළ අසලදීයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතාද අදහස් දැක්වීය.