පරාජයට හේතුව දිමුත් කියයි

දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (28) පැවැති තරගයේදී ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් අනවශ්‍ය පීඩනයක් තුළ ක්‍රීඩා කිරීම තරගය පරාජයට හේතුවක් වු බව ශ්‍රී ලංතා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් තරගයේදී ඉතා හොඳින් ක්‍රීඩා කළ බවත් අවිශ්ක ප්‍රනාන්දු දැවී යාමත් සමඟ ප්‍රතිවාදීන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වු බවත් එහිදී ඔහු කියා සිටියේය.

එම පීඩනය හමුවේ මැද පෙළ පිතිකරුවන් පසුබට වු බවත් ප්‍රතිවාදී පිලේ දිගු කාලීන අත්දැකිම් සහිත ක්‍රීඩනයන් සිටීමද එක් අතකින් තමන්ට බලපෑ බවත් දිමුත් කරුණාරත්න පවසයි.

එසේම තරගයේදී ශ්‍රී ලංකා පිල සෘණාත්මක මනසකින් යුතුව ක්‍රීඩා කළ බව හා මේ වන විට නුවන් ප්‍රදීප් රෝගී තත්ත්වයෙන් පසුවන අතර ඒ පිළිබඳ සලකා බලා ඉදිරියේදී ඔහු පිළිබඳ තීරණයක් ගන්නා බවත් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කලේය.

Leave A Reply

Your email address will not be published.