කොටුවේ පොඩි හාමුදුරුවෝ ඇමති සජිත්ට විරුද්ධව මාරාන්තික උපවාසයකට සැරසෙති

ඓතිහාසික බලංගොඩ කූරගල රාජමහා විහාරස්ථානයට විදුලි බලය ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා දුන්නද ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා බාධා කරමින් සිටින බව කොටුවෙ පොඩි හාමුදුරුන් ලෙස ප‍්‍රකට පූජ්‍ය අත්තරගම ප්‍රඥාලංකාර හිමියන් සඳහන් කරති.

ඉදිරි පැය 48 ඇතුළත මෙම විහාරස්ථානයට විදුලිබලය ලබාදීම සඳහා කටයුතු නොකළ හොත් තමන් මාරාන්තික උපවාසයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන බවද උන්වහන්සේ පවසති.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවසර දුන්නද ඇමතිවරයා විසින් එම අවසරය නවත්වා ඇති බවටද උන් වහන්සේ චෝදනා කලහ.

විදුලි බල අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පල කලහ.

Leave A Reply

Your email address will not be published.