පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සඳහා තමා කැඳවා තිබුණද තමන් ඊට සහභාගී වීමෙන් වළකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව නඩු 5ක් පමණ මේ වන විට විභාග වෙමින් තිබෙන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම තුළින් යම් යම් පාර්ශවයන්ට අගතියක් සිදුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අද පැවති ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට තමන් නොයන බවද එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
කෙසේවෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර මහතා කාරක සභාවට සහභාගි නොවන්නේ ප්‍රහාරයෙන් පසු ඇතිවු සිදුවීම්වලට ඔහු මැදිහත් වු නිසා බවයි.