රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායන පවත්වන ස්ථානයට කලුතෙල් ප්‍රහාරයක් හා ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද(28) උදෑසන මෙම සිදුවීම පිළිබඳ තමා දැන ගත් බව වෛද්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් ඊයේ(27) දිනයේ දී ජාතික සංහිඳියාව ඇති කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ රාජිත සේනාරත්තන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත් වු බවත්, රාජිත සේනාරත්න මහතාගේ හා ගෝලයින් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පැවසු වෛද්‍යවරයා, කළුතර ශාඛාවේ උපසභාපතිවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ද මෙවැනි ප්‍රහාර එල්ල කිරීම තුළින් සංහිඳියාව මතු කර දක්වා ඇතැයි ද වෛද්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙවැනි සිදුවීම් කිරිමට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවන බවත් පැවසු වෛද්‍යවරයා, ඉතිහාසයේ මෙවැනි ක්‍රියාවලට දක්ෂයෙක් බවත් එනිසා සියලු ආණ්ඩුවලින් යැපෙමින් ඉතා දක්ෂ ලෙස ජිවත් වෙන එකම පාලකයා රාජිත සේනාරත්න මහතා බව ද පැවසීය.
එල්.ටී.ටී.ඊ සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ඉතා සූක්ෂම ලෙස දේශාපලනය කළ හැකි එකම පුද්ගලයා ඔහු බවට ද චෝදනා කර සිටි වෛද්‍ය නලින් ජයතිස්ස මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ මේ ආකාරයෙන් හැප්පී මේ ගමන නැවැත් වීමට සිතීම ඔහුගේ සිහිනයක් පමණක් බව ද කියා සිටියේය.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ දේශපාලන ගමන් මඟේ යම් වැරැද්දක් ඇති බැවින් මෙලෙස මෙම ක්‍රියාවලියට යොමු ඇති බවත් පැවසු වෛද්‍යවරයා දේශාපලඥයින් විසින් බාල බෙහෙත් ගැබිණි මව්වරුන්ට ලබා දෙන ආකාරය රජයේ විගණන වාර්තා තුළින් පෙන්වා දී ඇතැයි ද පැවසීය.
සේනක බිබිලේ වෙන්න හදන රාජිතගේ නිරුවත මේ වන විට එළිදක්වමින් සිටින බව ද පැවසු වෛද්‍යවරයා, රාජිත සේනාරත්න මහතාට මෙය දරා ගැනීමට නොහැකි වී ඇති ද කියා සිටියේය.
කළුතරින් ඇරඹි රාජිත සේනාරත්නට එරෙහි විරෝධය අද වන විට මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇතැයි ද පැවසු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, අද වන විට රාජිත සේනාරත්න මහතාගේ දේශපාලන මළ ගම සනිටුහන් වී ඇතැයි ද පැවසීය.
පොලීසියෙන් මෙයට සාධාරණයක් ඉටු වේයැයි සිතිය නොහැකි බව ද පැවසු වෛද්‍යවරයා, කෙසේ හෝ පැමිණිල්ලක් කර ඇතැයි ද සඳහන් කළේය.