මහින්ද කියන්නේ අසාර්ථකම පාලකයෙක්-දඹර අමිල හිමි

ඇතැම් බෞද්ධාගමික නායකයින් බෞද්ධ දර්ශනයේ මූලික ඉගෙනීම් පසෙකලා ඊට එරෙහිව යමින් යම් යම් දේශනා සමාජ ගත කිරීමට උත්සාහ කරන බව පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (27) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ හිමියන් මේ පිළිබඳව අඳහස් පල කලේය.

මේ අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ යනු කිසිදු දර්ශනයක් නැති අසාර්ථකම පාලනයෙක් බවයි.

“මහින්ද රාජපක්ෂ කියන්නේ අසාර්ථකම පාලකයෙක්. කිසිදු දර්ශණයක් නැති පාලකයෙක්.

රට ආර්ථික සමෘද්ධිය කරා ගෙනියන්න අයන්න ආයන්නවත් දන්නේ නෑ.

තිබිච්ච මල්ටි බැරල් එකේ උණ්ඩ ටික ගහලා සුද්ධ කළා විතරයි. ඒ මල්ටි බැරල් උණ්ඩත් ඊට කලින් ගෙනාපුවා.

අසාර්ථක දේශපාලඥයන්ගේ එකම අවිය වන්නේ ආගම්වාදය හා ජාතිවාදයට විතැන් වීමයි.

අද මහින්ද රාජපක්ෂගේ දකින්නේ ඒක තමයි. රතන හාමුදුරුවන්ගෙන් දකින්නේ ඒකයි. විමල්ලා උදය ගම්මන්පිලලගේ දකින්නේ ඒකයි. අස්ගිරියෙන් දකින්නේ ඒකයි.

කාදිනල් තුමාගෙනුත් සමහර වෙලාවට දකිනවා.” යනුවෙන් අඹර අමිල හිමියන් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.