රටට අවශ්‍ය විද්‍යාත්මක-ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයක්

වර්තමානය වන විට රටට අවශ්‍යව ඇත්තේ විද්‍යාත්මක හා ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයක් බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

1970 සිට පාර්ලිමේන්තුවට පැමිණි පිරිසගේ පවුලේ අය මේ වන තෙක්ම රටේ දේශපාලනය සිදු කරන අතර පක්ෂ විපක්ෂ දෙකෙහිම කල්ලි වශයෙන් දේශපාලනයේ නියැලෙන බව ඔහු ප්‍රකාශ කර සිටියි.

මේ හේතුවෙන් රටේ කිසිදු ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයක් හෝ රටේ අනාගතය පිළිබඳ සිතන විද්‍යාත්මක ආණ්ඩුකරණයක් නොමැති බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද පවතින්නේ ජනප්‍රිය සටන් පාඨ සමඟ රටේ දේපළ බෙදාගන්නා ආකාරය පිළිබඳ සිතන දේශපාලනයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

Leave A Reply

Your email address will not be published.